Starch Testing in Photosynthesis - Laboratory Practical Test - ප්‍රභාසංස්ලේෂණ පිෂ්ට පරීක්ෂාව - විද්‍යාගාර ප්‍රායෝගික පරීක්ෂණය

Scroll down to read this article in Sinhala...


Photosynthesis is a process essential for life. Here we discuss the practical test, we done, in the laboratory to test the starch produced by photosynthesis.

ප්‍රභාසංස්ලේෂණය  ක්‍රියාවලිය  -  An amazing process in the universe, Photosynthesis - pictures



Photosynthesis Starch Testing - Laboratory Practical Test

The main way to test whether starch is produced in photosynthesis in a leaf is to look for starch in the leaf.

How to detect starch, in the laboratory?

In the lab, light yellow coloured iodine is used to detect starch. If you drop a few drops of iodine solution into a specimen and the specimen turns blue-purple, you can verify that the specimen contains iodine.

iodine solution - an image by microalgal.com.au
Iodine solution - An image by microalgal.com.au


If so, you may think that starch testing can be done by taking a leaf and diluting it with a few drops of iodine solution. But keep in mind that we cannot directly test starch in this way.

Why can't a starch test can be done directly to a leaflet?

Only chemicals, permitted by the foliage, can pass through the foliage. It does not absorb unnecessary substances into the leaf.

Also, there are other pigments (mainly chlorophyll) within the foliage so no obvious colour change can be observed.

Therefore these problems should be resolved before starch testing is carried out.

First, let's identify the basic structure of the plant cell.

In this figure, only the main parts of the plant cell, which are important for our study, has been marked.

ශාක සෛලයේ මූලික ව්‍යුහය(The Basic Structure of the Plant Cell) - ප්‍රභාසංස්ලේෂණය හා පිෂ්ට පරීක්ෂණය - Photosynthesis and Starch Testing


The cell is covered with inanimate cellulose called the cell wall. It has a plasma membrane inside and only a few specialized substances, such as water, ions and certain molecules, can move in or out of it.

Therefore, the cell wall and plasma membrane must first be disrupted.

The first step of the investigation ...

To break down the cell wall and plasma membrane, a freshly cut leaf is first boiled in boiling water.

(Dry leaves are not suitable for this purpose. Their photosynthesis process is halted, so they do not have starch deposits.)

Boiling in the boiling water break down the plant cell.

The leaf should then be boiled in alcohol (ethanol) with a water heater. Then coloured substances, such as chlorophyll, which are present in the foliage will be dissolved in the alcohol and removed from the foliage. (Alcohol is a very good solvent. Polar as well as non-polar substances dissolve well in it).

Why use a water heater here ...?

Alcohol can cause a fire. Therefore, the ability to make a fire is avoided by immersing them in a water beaker. It also prevents overheating of the tube.


පිෂ්ට පරීක්ෂාවේ ප්‍රධාන පියවර - ප්‍රභාසංස්ලේෂණය - The main steps of starch testing - Photosynthesis


The next step in the investigation ...

Now the leaf is ready to be tested for starch using iodine.

Next, take the boiled leaf and wash it with water and place it on a white tile.

Why is a white tile ...?

A colour change in the leaf should be observed, so the white background is useful for seeing it clearly.

 

Final step ...

As a final step, iodine is dropped several drops onto the leaf. If a dark blue colour is observed, we can prove that the leaf is found to contain starch.



That is how starch is tested on a leaf that has been photosynthesized. To read more about Photosynthesis click here.

-------------------------
Your comments, suggestions, complaints and problems regarding this article can be submitted in the comment area. They are welcome gladly.
-------------------------



Here's the article in Sinhala...

ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණය හැඳින්විය හැකිය. මෙහි දී ප්‍රභාසංස්ලේෂණයේ දී නිපදවෙන පිෂ්ටය පරීක්ෂා කිරීමට විද්‍යාගාරයේ දී සිදු කරන ප්‍රායෝගික පරීක්ෂණය සාකච්ඡා කරමු.

ප්‍රභාසංස්ලේෂණ පිෂ්ට පරීක්ෂාව - විද්‍යාගාර ප්‍රායෝගික පරීක්ෂණය

ශාක පත්‍රයක් තුළ ප්‍රභාසංස්ලේෂණයේ දී  පිෂ්ටය නිපදවේදැයි පරීක්ෂා කිරීමට හැකි ප්‍රධානම ආකාරය, ශාක පත්‍රය තුළ පිෂ්ටය තිබේදැයි පරීක්ෂා කිරීමයි.


විද්‍යාගාරයේ දී පිෂ්ටය හඳුනාගන්නේ කෙසේ ද?

විද්‍යාගාරයේ දී පිෂ්ටය හඳුනාගැනීමට භාවිතා කරන්නේ ළා කහ පැහැයට හුරු අයඩීන් ද්‍රාවණය වේ. නිදර්ශකයකට අයඩීන් ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් දැමූ විට නිදර්ශකය නිල්-දම් පැහැයකට හැරේ නම් එම නිදර්ශකයේ අයඩීන් අඩංගු බව තහවුරු කරගත හැකිය.

iodine solution - an image by microalgal.com.au
Iodine solution - An image by microalgal.com.au

 

එසේනම් ශාක පත්‍රයක් ගෙන අයඩීන් ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් දැමුවේනම් පිෂ්ට පරීක්ෂාව සිදු කළ හැකි බව ඔබ සිතාවි. නමුත් මෙහි දී එලෙස සෘජුවම අපට පිෂ්ට පරීක්ෂණය සිදු කළ නොහැකි ය.


ශාකපත්‍රයකට සෘජුවම පිෂ්ට පරීක්ෂණය සිදුකළ නොහැක්කේ ඇයි?

ශාක පත්‍රයක් හරහා එය තුළට හෝ පිටතට ගමන් කළ හැක්කේ ශාක පත්‍රය විසින් අවසර ලබාදෙන රසායන ද්‍රව්‍ය සඳහා පමණි. පත්‍රය තුළ සිදුවන ක්‍රියාවන් සඳහා අනවශ්‍ය ද්‍රව්‍ය එය තුළට ඇතුල් කර නොගනී.

තව ද ශාක පත්‍රය තුළ වෙනත් වර්ණක ද (ප්‍රධාන වශයෙන් හරිතලව) ඇති බැවින් පැහැදිලි වර්ණ විපර්යාසයක් නිරීක්ෂණය කිරීමට නොහැකි වේ.

එමනිසා පිෂ්ට පරීක්ෂණය සිදුකි‍රීමට පෙර මෙ‍ම ගැටලු නිරාකරණය කරගත යුතුය.


පළමුව ශාක සෛලයේ මූලික ව්‍යුහය හඳුනාගනිමු.

මෙහි දී අපගේ අධ්‍යනය සඳහා වැදගත් වන ශාක සෛලයේ ප්‍රධාන කොටස් පමණක් පහත රූප සටහනේ නිරූපණය කොට ඇත.


ශාක සෛලයේ මූලික ව්‍යුහය(The Basic Structure of the Plant Cell) - ප්‍රභාසංස්ලේෂණය හා පිෂ්ට පරීක්ෂණය - Photosynthesis and Starch Testing

මෙ‍ම සෛලය ආවරණය වී ඇත්තේ සෛල බිත්තිය නැමැති අජීවී සෙලියුලෝස් අඩංගු ආවරණයකිනි. ඊට ඇතුළතින් ප්ලාස්ම පටලය ඇති අතර එතුළින් ඇතුළට හෝ පිටතට ගමන් කළ හැක්කේ ජලය, අයන හා සමහර අණු වැනි විශේෂිත ද්‍රව්‍ය කිහිපයකට පමණි.

එමනිසා පළමුව මෙම සෛල බිත්තිය හා ප්ලාස්ම පටලය අඩපණ කිරීමට සිදු වේ.


පරීක්ෂණයේ පළමු පියවර...

සෛල බිත්තිය හා ප්ලාස්ම පටලය අඩපණ කිරීම සඳහා පළමුව අලුතින් කඩාගත් ශාකපත්‍රයක් ගෙන එය නටන ජලයේ තැම්බීම සිදුකරයි.

(වියළි ශ‍ාක පත්‍ර මේ සඳහා සුදුසු නොවේ. ඒවායේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ඇණහිට පවතී. එබැවින් ඒවායේ පිෂ්ටය තැන්පත් වීමක් සිදුනොවේ. පිෂ්ටය නැති බැවින් පිෂ්ට පරීක්ෂාවක් සිදු කිරීමෙන් පලක් නැත.)

නටන ජලයේ තැම්බීම මගින් ශාක සෛලය අඩපණ වේ.

ඉන්පසු ශාක පත්‍රය ජල තාපකයක් ආධාරයෙන් මධ්‍යසාරයේ තම්බා ගත යුතු ය. එවිට ශාක පත්‍රය තුළ අඩංගු හරිතප්‍රද (ක්ලෝරෝෆීල්) වැනි වර්ණ සහිත ද්‍රව්‍ය මධ්‍යසාරය තුළ දිය වී ශාක පත්‍රයෙන් ඉවත් වේ. 

(මධ්‍යසාර ඉතා හොඳ ද්‍රාවකයක් වන අතර ධ්‍ර‍ැවීය මෙන් ම නිර්ධ්‍රැවීය ද්‍රව්‍ය ද එය තුළ හොඳින් දිය වේ.)

මෙහි දී ජල තාපකයක් භාවිතා කළේ ඇයි...?

මධ්‍යසාර රත් කිරීමේ දී ගිනි ගැනීමක් සිදුවිය හැකිය. එමනිසා මධ්‍යසාර සහිත කැකෑරුම් නළය ජල බීකරයක ගිල්වා රත්කිරීමෙන් එම අවධානම මග හරවා ගනියි. එමෙන් ම කැකෑරුම් නළය අධික ලෙස රත් වීම ද වැළකේ.


පිෂ්ට පරීක්ෂාවේ ප්‍රධාන පියවර - ප්‍රභාසංස්ලේෂණය - The main steps of starch testing - Photosynthesis


පරීක්ෂණයේ මීළග පියවර...

දැන් ශාක පත්‍රය අයඩීන් යොදා පිෂ්ට පරීක්ෂාව සිදුකිරීම ට සූදානම්.

මීළගට තම්බා ගත් ශ‍ාක පත්‍රය ගෙන එය ජලයෙන් සෝදා සුදු පැහැ පිඟන් ගඩොලක් මත තබයි.


සුදු පැහැ පිඟන් ගඩොලක් ඇයි...?

මෙහි දී වර්ණ විපර්යාසයක් සිදු වීම නිරීක්ෂණය කළ යුතු බැවින්, එය පැහැදිලිව දැකබලා ගැනීමට සුදු පැහැ පසුබිම ප්‍රයෝජනවත් වේ.

 

අවසන් පියවර...

අවස‍ාන පියවර වශයෙන් අයඩීන් ද්‍රාවණය ගෙන ඉන් බිංදු කිහිපයක් ශාක පත්‍රය මතට දැමීම සිදුකරයි. එවිට තද නිල් පැහැයක් නිරීක්ෂණය වේ නම් ශාක පත්‍රය තුළ පිෂ්ටය අඩංගු බව තහවුරු වේ.


ප්‍රභාසංස්ලේෂණය සිදු වූ ශාක පත්‍රයක පිෂ්ට පරීක්ෂාව සිදු කරන්නේ ඒ ආකාරයෙනුයි. 

මේ ලිපිය සම්බන්ධ ඔබගේ ගැටලු, අදහස් හා යෝජනා පහතින් මා වෙත ඉදිරිපත් කළ හැකි ය. 


Comments