විශ්වයේ විශ්මිත ක්‍රියාවලියක් වූ ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය - An amazing process in the universe, Photosynthesis

(*This article is available in both Sinhala and English languages. Please scroll down to read in Sinhala.)


What is this photosynthesis (introduction) .....?


The process of producing glucose using carbon dioxide and water, in the plant's cells when exposed to sunlight is called photosynthesis.


විශ්වයේ විශ්මිත ක්‍රියාවලියක් වූ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය -  An amazing process in the universe, Photosynthesis - images



In fact, the process of photosynthesis can be compared to a process in a factory. How can that be?

  • Factory: Tree leave
  • Machines: Chloroplasts
  • Energy: Sunlight
  • Ingredients: carbon dioxide gas and water
  • Main product: food (glucose)
  • Byproducts : oxygen gas

  
Although it is not as large as a real factory, the process here is extremely complex and surprising.

What happens in photosynthesis?


The following factors are essential for photosynthesis.

  • Internal factors: chloroplasts
  • External factors: sunlight, carbon dioxide gas and water

We can do various tests to see if those factors are really necessary. (I hope to compile an article on those tests in the future.) 

Photosynthesis can be presented as a word equation:

Carbon dioxide + water → glucose + oxygen

Its chemical equation can be presented as follows.

6 CO₂ + 6 H₂O → C₆H₁₂O₆ + 6 O₂

ප්‍රභාසංස්ලේෂණය  ක්‍රියාවලිය  -  An amazing process in the universe, Photosynthesis - pictures 

The process of photosynthesis

Most plants are exposed to sunlight. Through the solar energy absorbed from sunlight, chloroplasts become active and they turn carbon dioxide (CO₂) and water vapor, which is absorbed from the atmosphere, into glucose and oxygen gas (O₂).


Photosynthesis - Chloroplast
Chloroplast- An image from https://en.wikipedia.org/wiki/Chlorophyll

The oxygen produced here (O₂) is released directly into the environment.

(This is how plants purify the atmosphere. Carbon dioxide is a poisonous gas we release in exhale, but the plants absorb that carbon dioxide and release it as clean, breathable oxygen gas (O₂) into the environment. Consider for yourself, how much percentage of impure carbon dioxide increases when a single tree is cut down)

The main result of photosynthesis is glucose (CH₁₂O₆). Since it can be used to gain energy, the plant leaves also utilize the glucose produced by it to create energy and maintain function.

But the excess glucose produced by the plant is turned into starch and stored temporarily inside the leaf.

Starch (C₆H₁₀O₅) ₓ is a compound made up of several glucose molecules.

x C₆H₁₂O₆ → (C₆H₁₀O₅) ₓ + x H₂O {x is a positive integer}.

At easy times, the starch is broken down into small sucrose molecules, which are taken out of the leaf and placed in different places in the plant. (Ex: Deposits in roots - Sweet potatoes)

Sucrose: C₁₂H₂₂O₁₁

2 C₆H₁₂O₆ → C₁₂H₂₂O₁₁ + H₂O {x is a positive integer}.


Uses of photosynthesis


You will see how photosynthesis is important for all living beings in the universe to meet their dietary requirements. Photosynthesis keeps the atmospheric carbon dioxide levels low, and produce oxygen that is important for breathing. Photosynthesis is, of course, essential for sustaining life on Earth and for maintaining the balance of the biosphere.



OK. I think a lot of important things about photosynthesis have been discussed. I conclude this article by asking you to submit your concerns, comments, and allegations regarding this article below. They will be a good help for improving the quality of articles and to make the readers satisfied.

To get email deliveries of new articles, Subscribe.



Thank you.

--------------------------------------

මොකක්ද මේ ප්‍රභාසංස්ලේෂණය (හැඳින්වීම).....?

සූර්යාලෝකය ඇති විට ශාක සෛලවල හරිතලව නම් දේහ තුළ කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජලය උපයෝගී කරගන ආහාර (ග්ලූකෝස්) නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හඳුන්වයි.


විශ්වයේ විශ්මිත ක්‍රියාවලියක් වූ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය -  An amazing process in the universe, Photosynthesis - images



ඇත්තෙන්ම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය කර්මාන්ත ශාලාවක සිදුවන ක්‍රියාවලියකට අනුරූප කළ හැකිය. ඒ කෙසේදැයි දැන් විමසා බලමු.


කර්මාන්තශාලාව   :    ශාකපත්‍රය
යන්ත්‍ර                    :    හරිතල‍ව
ශක්තිය                  :    සූර්යාලෝකය
අමුද්‍රව්‍ය                  :    කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජලය
ප්‍රධාන ඵලය           :    ආහාර (ග්ලූකෝස්)
අතුරුඵල                :    ඔක්සිජන් වායුව  

  
සැබෑ කර්මාන්ත ශාලාවක් මෙන් විශාල නොවූව ද මෙහි සිදුවන ක්‍රියාවලිය අතිශය සංකීර්ණ හා පුදුම සහගත වේ.

ප්‍රභාසංස්ලේෂණයේ දී මොකද වෙන්නේ...?

ප්‍රභාසංස්ලේෂණය සිදුවීමට පහත සාධක අත්‍යවශ්‍ය වේ.

  • අභ්‍යන්තර සාධක : හරිතලව
  • බාහිර සාධක :  සූර්යාලෝකය, කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජලය
 එම සාධක සැබැවින් ම අත්‍යවශ්‍යදැයි දැනගැනීමට අපට විවිධ පරීක්ෂණ කළ හැකි ය. 

 ප්‍රභාසංස්ලේෂණය වචන සමීකරණයක් ලෙස පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය.

කාබන්ඩයොක්සයිඩ්  + ජලය    →     ග්ලූකෝස් +   ඔක්සිජන්

එහි රසායනික සමීකරණය පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය.

6 CO₂ + 6 H₂O   →  C₆H₁₂O₆ + 6 O

ප්‍රභාසංස්ලේෂණය  ක්‍රියාවලිය  -  An amazing process in the universe, Photosynthesis - pictures


ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය

අවට පරිසරයේ බොහෝ ශාක හිරුඑළියට නිරාවරණය වී පවතී.ඒවා ශාක පත්‍ර හරහා සූර්යාලෝකය අවශෝෂණය කරගන්නා අතර එම සූර්යාලෝක ශක්තියෙන් ක්‍රියාකාරී වන හරිතලව විසින් වායුගෝලයෙන් උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව (CO₂)හා ජලවාෂ්ප ප්‍රතික්‍රියා  කරවා ග්ලූකෝස් හා  ඔක්සිජන් වායුව (O₂) බවට බිඳහෙළයි. 


Photosynthesis - Chloroplast
Chloroplast- An image from https://en.wikipedia.org/wiki/Chlorophyll

මෙහි දී නිපදවන ඔක්සිජන් වායුව (O₂) ඍජුවම පරිසරයට මුදාහරියි.

(ශාක විසින් ව‍‍ායු‍ගෝලය පවිත්‍ර කරන්‍නේ ‍මේ ආකාරය‍ටයි. කාබන්ඩ‍යොක්සයිඩ් යනු අප විසින් ප්‍රාස්වාස‍යේදී පිටකරන විෂ සහිත වායුවකි. නමුත් ශාක විසින් එම කාබන්ඩ‍යොක්සයිඩ් උරා‍ගෙන පිරිසිදු, ආශ්වාසයට සුදුසු ඔක්සිජන් වායුව (O₂) පරිසරයට මුදා හරියි. එක ගසක් කැපී‍මෙන් ‍කෙතරම්, අපිරිසිදු කාබන්ඩ‍යොක්සයිඩ් ප්‍රතිශතයක් ඉහළ යනවා ද යන්න ඔබම ‍සිතා බලන්න.)

ප්‍රභාසංස්ලේෂණ‍යේ දී ලැ‍බෙන ප්‍රධාන ඵලය ග්ලූ‍කෝස්ය (C₆H₁₂O₆). ග්ලූ‍කෝස් ශක්තිය ලබාගැනීමට භාවිතා කළ හැකි බැවින් ශාක පත්‍ර ද තමා විසින් නිපදවන ග්ලූ‍කෝස්, ‍‍සෛල තුළ ශක්තිය උපදවා ගනිමින් ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ප්‍ර‍යෝජනයට ගනියි. 

නමුත් ‍මෙහි දී වැඩිපුර නිපදවන ග්ලූ‍කෝස් ශාක පත්‍රය විසින් පිෂ්ටය බවට පත්කර තාවකාලිකව පත්‍රය තුළ ම ගබඩා කර තබා ගනියි.

පිෂ්ටය (C₆H₁₀O₅)ₓ යනු ග්ලූ‍කෝස් අණු කීපයක් එකතු වී‍මෙන් සෑ‍දෙන සං‍යෝගයකි. 

x C₆H₁O →  (CH₁₀O₅)  +  x H   {x ධන පූර්ණ සංඛ්‍යාවකි.} 

පහසු ‍වෙලාවන්හි දී එම පිෂ්ටය කුඩා සු‍ක්‍රෝස් අණු බව‍‍ට බිඳ ‍හෙළා පත්‍ර තුළින් පිටතට ‍ගෙන ‍ගොස් ශාක‍යේ විවිධ ස්ථානවල තැන්පත් කිරීිම සිදුකරයි. (නිද: මුල් වල තැන්පත් කිරීම - බතල ) 

සු‍‍ක්‍රෝස් :  C₁₂H₂₂O₁₁  
2 C₆H₁O  →  C₁₂H₂₂O₁₁   +   H  {x ධන පූර්ණ සංඛ්‍යාවකි.}

ප්‍රභාසංස්‍ලේෂණ ක්‍රියාවලියේ ප්‍රයෝජන

විශ්වයේ ජීවත් වන සියලු ම ජීවීන්ට තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමටත්, වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම මට්ටමක තබා ගැනීමටත්, ආශ්වාසයට වැදගත් වන ඔක්සිජන් නිෂ්පාදනයටත්  ප්‍රභාසංස්‍ලේෂණ  කෙතරම් වැදගත් දැයි ඔබට පෙනෙනවා ඇති. සැබැවින් ම පෘථිවියේ ජීවය පවත්වා ගැනීමට හා ජෛව ගෝලයේ සමතුලිතතාවය සුරක්ෂිත කිරීමට  ප්‍රභාසංස්‍ලේෂණ අත්‍යවශ්‍ය වේ.

හොඳයි. ප්‍රභාසංස්‍ලේෂණය පිළිබඳව වැදගත් වන කරුණු බොහෝ සාකච්ඡා කෙරුණු බව මා හිතනවා. මෙම ලිපිය සම්බන්ධ ඔබගේ ගැටලු, අදහස් හා චෝදනා පහතින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් මම මෙම ලිපිය නිමාකරනවා.


ස්තූතියි.                                                                

                                                         

Comments