මොකක් ද මේ WHO ? – WHO හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය -- What is this WHO? - WHO or World Health Organization

(*This article is available in both Sinhala and English languages. Please scroll down to read in English.)


මොකක් ද මේ WHO ? WHO හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය

                                          Logo of WHO (World Health Organization)- ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)ලාංඡනය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ප්‍රධාන අවධානය යොමු වූ වැදගත් අංශයක් නම් ලෝක වාසීන්ගේ සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ සෞඛ්‍ය සංවිධානය, WHO හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) වේ. 

මෙය ආරම්භ වූයේ 1948 අප්‍රේල් 07 වන දින වන අතර අදටත් ලෝක සෞඛ්‍ය දිනය ලෙස සමරන්නේ එම දිනයයි. මෙහි ආරම්භක සාමාජික සංඛ්‍යාව රටවල් 26 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරයි. 

පැරණි සෝවියට් සංගමයේ අල්මා ආටා නගරයේ දී පැවැත් වූ සමුළුවක දී (2000 දී ‍සැමට සුවසෙත) සෞඛ්‍ය‍ට අදාළව මූලික කරුණු 8 ක් කෙරෙහි අවධානය යොමු විණි. වර්තමාන‍ය වන විටද එම කරුණු පිළිබද ව වැඩි අවධානයක් යොමු කෙරේ. ඒවානම්,

01. සෞඛ්‍ය අධ්‍යාපනය

02. ආහාර හා පෝෂණය

03. පිරිසිදු ආහාර හා සනීපාරක්ෂාව

04. ළමා සෞඛ්‍ය හා පවුල් සැලසුම්

05. මාතෘ සංරක්ෂණය

06. වසංගත රෝග පිටුදැකීම

07. රෝග වලට ප්‍රතිකාර කිරීම

08. ඖෂධ වර්ග සැපයීම

මෙ‍ම මූලික කරුණු තීරණය වූයේ ප්‍රධාන වශයෙන් ම තුන්වන ලෝකයේ රටවල් මුල් කර ගෙන ය. 




What is this WHO? - WHO or World Health Organization

The main concern of the United Nations (UN) is the protection of the health of the world's people. The resulting health organization is the WHO or World Health Organization. 

It was founded on April 7, 1948- which we celebrate as World Health Day, and then it has 26 member countries. WHO is headquartered in Geneva, Switzerland. 

At a conference held in 'Alma Atta', the former Soviet Union (2000's Wellness for All), eight key issues were addressed concerning health. Much attention is paid to these matters at present also. They are,


01. Health Education

02. Food & Nutrition

03. Clean food and hygiene

04. Child health and family planning

05. Maternity care

06. Elimination of Epidemics

07. Treatment of Diseases

08. Supply of Drugs


These issues were decided mainly based on third world countries. 




Comments